මහින්දගේ බන්ධනාගාරයේ පළමු රැඳවිය නාමල් ද?

October 16, 2017 | 8:01 am    0   963

මහින්දගේ බන්ධනාගාරයේ පළමු රැඳවිය නාමල් ද?

මේ වන විට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙරට විශාලතම බන්ධානාගාරය වන අගුණකොලපැලැස්සේ පිහිටි බන්ධනාගාරයේ රැඳවීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදි ඉදිකල දකුණු ආසියාවේ විශාලතම බන්ධනාගාරයක් වන සහ ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන අගුණකොලපැලැස්සේ ඉදිකල බන්ධනාගාරය අද (16) විවෘත කිරිමට නියමිතය.

මෙම බන්ධනාගාරය අති නවීන පහසුකම් සපිරි සුපිරි බන්ධනාගාරයක් ද බව පැවසේ.

මෙම නව බන්ධනාගාරයේ පළමු රැඳවිය වශයෙන් නාමල් රාජපක්ෂ රැඳවීමේ සුදානමක් පවතින බවත් එසේ වුවහොත් එය ඓතිහාසික සිදුවීම වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඒ පියාගේ මූලිකත්වයෙන් ආරම්භ කල බන්ධනාගාරයේ පළමු රැඳවිය වන්නේ ඔහුගේම පුතු වන බැවිනි.
මේ අතර අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ⁣ මහතා ඇතුළු පිරිසගේ නඩුව අද යළි කැඳවීමටද නියමිත අතරම අඟුණකොළපැලැස්සේ නව බන්ධනාගාරයද අද විවෘත වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: