“කෝලිගේ විවාහයේ විශේෂ ආරාධිතයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මම” ගයාන් සේනානයක

January 1, 2018 | 4:42 pm    0   582

“කෝලිගේ විවාහයේ විශේෂ ආරාධිතයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මම” ගයාන් සේනානයක

වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හරඹ පාන්නවුන් අතර මුලින්ම කියැවෙන නමක් තමයි විරාත් කෝලිගේ නාමය. ඉතින් පසුගිය දින කිහිපයේම ලොව පුරා රසිකයන් කෝලි පිළිබඳව අලුතෙන් කතා කිරීමට පටන් ගත්තා. ඒ කෝලිගේ අලුත් ඉනිම ගැන. හැබැයි මේ කියන්නේ ඔහුට හුරුපුරුදු ක්‍රිකට් ඉනිමක් ගැන නම් නොවේ. මේ ඔහුට නුපුරුදු විවාහයේ ඉනිම හෙවත් කෝලිගේ දෙවැනි ඉනිමයි. ඉතින් කෝලිගේ විවාහය සිදුවෙලා සති දෙකක් පමණ ගෙවුණත් තාමත් ඉන්දියාවේ කෝලිගේ විවාහය නිමිත්තෙන් උත්සව පැවැත්වෙනවා. ඒ සුප්‍රසිද්ධ ක්‍රීඩක විරාත් කෝලි නිසා පමණක් නොවෙයි ඔහුගේ දයාබර බිරිඳ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා වීම නිසාවෙනි.
පසුගියදා ඔවුන් දෙදෙනාගේ විවාහය නිමිත්තෙන් ඉන්දියාවේ මුම්බායිහිදී පැවති උත්සවයකට ශ්‍රී ලංකාවේ අමුත්තෙකුටත් කෝලි ආරාධනා කරලා තිබුණා. ඒ වෙන කවුරුත් නොවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක ලෝකය පුරා සංචාරය කරමින් ඔවුන් දිරිගන්වන ගයාන් සේනානායක. ඉතින් ගයාන් මුම්බායි සිට ලංකාවට පැමිණි මොහොතේදීම ඉරිදා ඇපල් එක්ක කතාබහට එකතු වුණේ මේ විදිහට.

කෝලිගේ විවාහය වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව මොකද හිතෙන්නේ?
ඉන්දියාවේ පැරණි ක්‍රීඩකයෝ වර්තමාන ක්‍රීඩකයොත් එක්ක ඒ වාගේ අවස්ථාවකට සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටුයි ඇත්තටම.

කොහොමද ගයාන්ට මේ වගේ දුර්ලභ අවස්ථාවක් හිමිවෙන්නේ?
මම දැනට අවුරුදු 10ක විතර ඉඳන් කෝලිව හඳුනනවා. එයා දන්නවා මම ලංකාවේ දිරිගන්වන්නෙක් කියලා. කෝලිගේ විවාහය දවසෙ එයා ඉතාලියේ ඉද්දී මම ෆෝන් එකෙන් එයාට විෂ් කළා. ඊට පස්සේ ඇහුවා මුම්බායිවල උත්සවයට සහභාගී වෙන්න පුළුවන් ද කියලා. ඉන්දියන් ටීම් එකේ අයත් එනවා. එයාලත් එක්කම එන්න කියලා මට ඒ වඅස්ථාව සලසලා දුන්නා.
ක්‍රීඩකයන් දුර ඉඳන් එන නිසා ඒ අයට ඉන්න හොටෙල් එකක් සූදානම් කරලා තිබුණා. මමත් හිටියේ ඒකේ. මම උත්සවයට ගියේ ඉන්දියානු ඇඳුමක් ඇඳගෙන. ඒ අයත් පුදුම වුණා ඒක දැකලා. මොකද එයාලා මාව දැකලා තිබුණේ ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳගෙන ඉද්දි විතරනේ. හැමෝම මාව ලස්සනයි කියලා වැළඳගත්තා.

ගයාන්ගේ සහ කෝලිගේ මිතුදම ගැනත් කියමු අපි?
ලංකාවට ආවොත් අනිවාර්යෙන්ම එයා මට කෑම වේලක් හරි අරන් දෙනවා. නිතරම විහිළු තහලු කරනවා මාත් එක්ක.

මෙම උත්සවයට ලංකාවෙන් සහභාගි වුණේ ගයාන් විතරද?
ලංකාවෙන්ම හිටියේ මම විතරයි. ලෝකෙන්ම විශේෂ ආරාධිතයෝ හිටියේ දෙන්නයි. එක්කෙනෙක් මම. අනිත් හැමෝම ඉන්දියාවේ ජනප්‍රිය චරිත.

ඉන්දියානු ක්‍රීඩකයන්ගෙන් ගයාන්ට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ලංකාවේ ක්‍රිකට්වල ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඒ හැමෝම කණගාටුව ප්‍රකාශ කළා. ඇයි ලංකාවේ ක්‍රිකට්වලට මෙහෙම වුණේ කියලා ඒ අය ඇහුවාම මම කීවේ සංගලා, මහේලලා ඉද්දී හොඳට ගැහුවා. හැමදාම එහෙම නෑනේ කියලා.

ලංකාවේ ක්‍රිකට් ගැන ද වැඩිපුරම කතා කළේ?
ඔව්. ඇයි වැඩිපුර අපේ අය ලකුණු අතර නැත්තේ කියලා තමයි ඒ අය අහන්නේ. ලංකාවේ තව හොඳ ක්‍රීඩකයන් ඉන්නවද කියලාත් ඇහුවා. ඒ ගොල්ලන්ට ගොඩක් කණගාටුයි අසල්වැසි රටක් විදිහට අපට වෙලා තියෙන දේට.

කෝලිට අමතරව ගයාන්ගේ මිතුරන් වුණු අනිත් ක්‍රිකට් තරු කවුද?
ඇත්තටම රෝහිත් ෂර්මා ඉතාමත් හොඳයි. ඕනම වෙලාවක උදව් කරනවා. මගේ යාළුවෙකුට ඛ්චදජඥප එකක් හැදුන වෙලාවක එයාගේ පුද්ගලික මුදල්වලින් උදව් කරලා තියෙනවා මට.

මෙම උත්සවයේදි ගයාන්ට අමතකම නොවන සිදුවීම කුමක්ද?
මම ඉඥතටර ඡායාරූපයක් ගන්න යනකොට එයාලා මට කතා කරලා කීවා ගයාන් එන්න ඉස්සරහට කියලා. පස්සේ කෝලියි, අනුෂ්කයි එක්ක මාව මැදින් තියලා ඡායාරූප ගත්තා. කෝලි මාත් එක්ක ඩාන්ස් කරා. මටත් හිතාගන්න බැරි වුණා කෝලි මෙහෙම එකපාරටම වෙනස් වුණේ කොහොමද කියලා.
මම අනුෂ්කා ෂර්මාව දැකලා තිබ්බේ චිත්‍රපටිවල විතරයි. පස්සේ කෝලි මාව අනුෂ්කාට හඳුන්වලා දුන්නා අවුරුදු ගාණක් හඳුනන හිතවතෙක් විදිහට. කෝලි පැයක් එකහමාරක් විතර හිටියා මාත් එක්ක. එයා මට එන්න කියලා කොන් කරේ නැහැ මාව.

අනුෂ්කා ෂර්මා ගැන ගයාන්ට මොනවද හිතුණේ?
ඇත්තටම එයා ඉතාමත් හොඳ කෙනෙක් කියලා දැනුණා මට.

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න පුළුවන් වෙයිද ගයාන්?
අනිවාර්යෙන්ම. දැනට ලකුණු අතර ඉන්නේ උපුල් තරංග සහ ඇන්ජලෝ විතරයි. අනිත් ක්‍රීඩකයන්ට තරගයක් දෙකක් දීලා ඉවත් නොකර එයාලට අවස්ථාවක් දුන්නොත් අපිට හොඳ අවස්ථාවක් තියේවි.

චන්දික හතුරුසිංහගේ පැමිණීම ගයාන්ට දැනෙන්නේ කොහොමද?
චන්දික හතුරුසිංහ මහතා කියන්නේ ලෝකයේ හොඳම පුහුණුකරුවෙක්. අපි දන්නවා ඔහුගේ දක්ෂතා ගැන. නමුත් පුහුණුකරුවා කොච්චර හොඳට කරත්, ක්‍රීඩකයනුත් දැනගන්න ඕනි හොඳට කරන්න.

ගයාන්ගේ කොහොමද අද ඉන්න තත්ත්වයට පත්වෙන්නේ?
මම 2001 ඉඳන් මැච් බලන්න ආවා. අම්මලා, අයියලා තමයි මට මුලින් උදව් කළේ. 2006 දි තමයි මම විදේශයකට ගියේ මැච් බලන්න. ඒ බංගලිදේශයට. මම සේවය කරන්නෙ ච්ඥඥද ඕපධබඩඥපඵ ආයතනයේ. එහි කළමනාකාර අධ්‍යක්ෂ අජිත් පීරිස් මහතා නිසා තමයි මම ලෝකේ වටේ ගිහින් අපේ කණ්ඩායම දිරිගන්වන්නේ.

ගයාන්ගේ පවුලේ තොරතුරුත් කියමුද අපි?
අම්මයි මමයි ඉන්නේ. අපේ තාත්තා මැරිලා. අයියා විවාහවෙලා ඉන්නේ.

ගයාන්ගේ අනාගත බලාපොරෝතතුව කුමක්ද?
පුළුවන් තරම් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගන්වලා ලංකාවට ජයග්‍රහණ ගේනකල් බලන් ඉන්නවා.

ඉතින් මේ ධෛර්යවන්ත අපේ වීරයාට, දිරිගන්වන්නාට අපි සමුදුන්නේ ගයාන්ගේ වගේම අපේ රටේ මිලියන දෙකක ජනතාවගේ බලාපොරොත්තුවත් එකම නිසා ඒ පැතුම් සියල්ල ඉටුවේවායි සිතාගෙන. ඒවගේම ගයාන්ගේ සේවය තව බොහෝ කාලයක් අපේ කණ්ඩායමට ලැබේවා කියලාත් ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

සචිත් යාපා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: